REVIEW: කොළොංබියා කෝලම

https://www.facebook.com/shazna.ally

අවුරුදු දෙකකට පස්සේ කොළොංබියා web series එකෙන් අලුත් episode එකක් දාලා. මගේ මුළු wall එක පුරාම කොළොංබියා. ඒ හයිප් එක සාධාරණයී. මොකද කොළොංබියා ආතල් !! ඇරත් අපේ generation එකේ එවුන්ට ටීවී එකේ බලන්න කියලා මෙලො මගුලක් නැති කාලෙක මේ යූ ටියුබ් සීරීස් හරි වටිනවා.ඒ ගැන හෑලි ගොඩක් තියෙන නිසා මං ලියන්නේ කතාව ගැන නෙමෙයී. මං පෞද්ගලිකව කැමතිම – කතාව අල්ලලා තියෙන කොමඩිය ගැන. ලංකාවේ කොමඩි කියන්නේ කුචි කවාගෙන හිනා වෙන්න ඔනේ ශානරයක්.. ඒක එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ කලාකාරයෝ බොහෝමයක් “හාස්‍යය” කියල අල්ලන් ඉන්නේ වැරදී තැනක් නිසා.උන් අපිට හිනා වෙන්න කියන්නේ ගෑනියෙක් වගේ ඇදපු මිනිහෙක්ට, ගොත, එක්කෝ කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති මිනිස්සුන්ට. ලොකු එවුන් පොඩි එවුන්ගේ මේකප් දාගෙන හුරතල් වෙනවට, එහෙමත් නැත්තම් උන්ම කියලා උන්ම හිනාවෙන අමු තිත්ත කුණුහරප වලට..ඕවට අපිට හිනා ගියා – පොඩි කාලේ! දැන් එහෙම දගලන එවුන් දැක්කම මට නම් දැනෙන්නේ උන් හරිම පව් කියලා. හාස්‍යය හැර දුක, ආත්ම අනුකම්පාව, සත්ව කරුණාව, අප්පිරියාව වගේ සෑහෙන ගොඩක් දැනෙනව , පව්.ටිකක් කල්පනා කරොත් ඕනෑ එකෙක්ට තේරෙනවා,දැන් අපිට හිනා යන්නේ අපිටමයි! අපි ජීවිතේ කරන ගොන්කම් වලට.අපිට ලගම එවුන් අපිට පෙරලන බකට් වලට. රට කරන , කරවන එවුන් කරන ප්‍රාථමික මරි මෝල් වැඩ වලට.දැන් අපි හිනා වෙන්නේ අඩන්න බැරි කමට. මං ආස කොළොංබියා අල්ලගෙන තියෙන ඒ කොමඩියට. නාමල් ජයසිංහ ලියපු බොහිමියානුවා ටෙලිඩ්‍රාමා එක බලල තියෙනවනම්, එකේ එක තැනක විල්සන් කියන මනුස්සයා චොප්රාගෙන් අහනවා” චොප්රා මහත්තයා!!, එතකොට ඕකේ [චොප්රගේ ෆිල්ම් එකේ] නැද්ද ජෝකර් කෙනෙක් නිකං මේ වචන ගොත ගහන, ඉස්සරහා දතක් නැති, ඇහේ පොඩි අප්සෙට් එකක් තියෙන…”චොප්රා කියනවා “නෑ නෑ නෑ…. මිනිස්සුන්ගේ ශාරිරික දුබලතා ජෝක් එකට ගන්න , ඒවට හිනා වෙන සිනමාවකින් වැඩක් නෑ විල්සන්. ඒකෙන් ගොඩ නැගෙන සමාජයත් නරුමයි. අපි හිනාවෙන්න ඕනේ මිනිස්සුන්ගේ මෝඩකම් වලට, බේබදුකම් වලට…ගොන්කම් වලට..” චොප්රා දෙන උත්තරේට මං බොක්කෙන්ම ආදරෙයි!ඇත්තටම අපි කොමඩි කියල මිනිස්සුන්ට හිනා වෙන්න පුරුදු කරවන්නේ මොනාටද ? කලාව කියන්නේ ලියන්නන් වාලේ ලියන, කරන්නන් වාලේ කරන දෙයක් නොවිය යුතුයි කියල දැඩිව විශ්වාස කරන කෙනෙක් මම. ඔයා එහෙම නෙමෙයි වෙන්න පුලුවන්. නමුත් අකුරු , වචන , චිත්‍ර , සංගීතය, කතන්දර – මේවා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරනවා. කලාවෙන් ඔලු හදන්නත් පුලුවන් – විනාස කරන්නත් පුලුවන් මේ කතාව මම කොළොංබියාවෙන් පටන් ගත්තේ, උන් ටික මිනිස්සුන්ට හිනා නොවී , අපිව හිනස්සන නිසා. ඒ බකට් වලට ඇත්තටම හිනා යන නිසා!ඉස්සරහට කොළොංබියා වෙනස් වෙයිද නැද්ද කියන්න මම දන්නේ නෑ. සමහර විට උන් ටිකත් පරණ ලිදටම වැටෙන්නත් පුළුවන්. නමුත් දැනට, එහෙම නොවේවා කියල හිතලා කොළොංබියා බලනවා.

Designed and developed by
CYBER OCTANE