REVIEW: TVF, Karikku සහ කොළොංබියානු ලව් එක

Kavinu Weerakkody

ලංකාවේ යූස් ඕඩියන්ස් එක මැද්දට massive විදිහට පත්තු වුණු අලුත්ම වැඩේ තමයි කොළොංබියා! කොළොංබියා පටන් ගන්නේ දැනට අවුරුද්දකට කලින් වුණාට මන් ඇතුළු අපි බහුතරයකට මේ නාඩිය අහුවෙන්නේ දැනට මාස කීපෙකට උඩදි.

ඔය අස්සේ කවුද මන්දා කියලා තිබුණා පිරමීඩකාරයෙක් හින්දා හරි ගියා නම් හරි ගියේ මුන් සෙට් එකට විතරයි කියලා. ඇත්ත! ෆේස්බුක් viral වුණ ක්ලිප් එකක් පස්සෙන් ඇවිත් කොළොංබියා අඳුරගත්තු ගොඩක් උන්ට මේක වාව් වැඩක් වුණේ ඒ හැමෝගෙම මෙමරිවල කොළොංබියත් එක්ක ලින්ක් වෙන පොඩි හරි මතකයක් තිබුණ හින්දා.

බෝඩිමේ ආතල් එක වෙන්නැති… ට්‍රයි කරපු ලව් එක වෙන්නැති… නැත්නම් ඔය මෙමරි අස්සේ හැංගුණ වෙන පර්සනල් කාරණාවක් වෙන්නැති… සමහරවිට ඔය එකක්වත් නැතුව පිරමීඩකාරයෙක්ම වෙන්නැති…

ඔය මොන මඟුලක් හින්දා හරි උඹයි මායි කොළොංබියා බලන්න ගත්තත්, අපිට ඕනෙ ආතල් එක කොළොංබියා ඇතුළේ තියෙනවා. ඒ වගේම තව බර සෙට් එකකට ඒ ආතල් එක දරුණුවටම දැනිලා තියෙනවා කියලත් පේනවා.

මොකද මුල ඉඳන් පිළිවෙළට කොළොංබියා බලාගෙන ආපු හැමෝම වගේ පළවෙනි සීසන් එකේ අන්තිම එපියෙදි කමෙන්ට් කරලා තියන්නේ ඇයි උඹලා මේක නැවැත්තුවේ කියලා. සෝෂල් මීඩියාවල පත්ඉරු වගේ මෙහෙම හෑලි ලියවුණෙත් එකපාරටම පිපිරුණු කොළොංබියා හයිප් එක හින්දා.

මේ hype එක හොඳටම පෙනුණ තැනක් තමයි සැප්තැම්බර් 17 වෙනිදට 2nd Season එකක් එනවා කියලා දාපු announcement එක. එක දවසෙන් මුලු සීසන් එකම බලලා වේලි වේලි හිටපු ඕඩියනස් එක ආයෙ චිල් වෙන්න ගත්තේ ඔතනින්. දැන් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපියත් අවුට් වෙලා!

මේ දවස් තිහ හතළිහ ඇතුළේ “Kolonbiya – කොළොංබියා” යූටියුබ් චැනල් එකට 10,000කට එහා subscribers වැඩි වුණා. සෝෂල් මීඩියා ඇතුළේ කොළොංබියා කියන වචනෙට විතරක් මාර engagement එකක් ආවා. රැල්ලට හරි මොකේට හරි කොළොංබියා අස්සට හෙන usersලා තොගයක් එකතු වුණා. ඔය ඔක්කොමත් එක්ක බලනකොට පෞද්ගලික මට නම්, කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා ගහන මේ ගේම ‘මාර’ වැඩක්. හැම වැඩේටම මාරයි කියලා කියන්න බෑ තමයි. හැබැයි මාරයි කියලා කියන්න පුලුවන් ලෙවල් එකේ වැඩවලට මාරයි කියන වචන යූස් කරන්නත් ඕනෙ. මෙතනදි මන් එහෙම කියන්නේ creativity එකට විතරක් නෙමෙයි. තමන් වගේ ඉන්න ඕඩියනස් එක satisfy කරන්න කොළොංබියා ටීම් එක කරන ඕවරෝල් හැමදේකටම. හැබැයි මට කියන්න ඕනෙ වුණේ ඔය කතාව නෙමෙයි.

කොළොංබියා ගැන දැනගන්න කලින් ඉඳන්ම මන් ෆලෝ කරපු Karikku, TVF, The Screen Patti වගේ youtube channels කීපයක් තියෙනවා. මේ ඔක්කොම අවුරුදු විසි තිස් ගණන්වල ඉන්දියන් කොල්ලෝ, කෙල්ලෝ කීප දෙනෙක් එකතු වෙලා කරන මහා පරිමාණ entertainment වැඩ! අවුරුදු ගාණකට කලින් මේන් ස්ට්‍රීම් ටෙලිවිෂන්වල වගේම පොඩි කාලේ ඉඳන් හීන දැකපු සිනමාවෙදි රිජෙක්ට් වුණ යාලුවෝ එකතු වෙලා පටන් ගනිපු පුංචි පුංචි යූටියුබ් සීරීස්. හරියට කොළොංබියා කතන්දරේ වගේ… හැබැයි දැන් වෙනකොට Netflix, Hotstar, Prime Video ගාණටම ඉන්දියන් වෙබ් ස්පේස් එක අයිති කරන් ඉන්නෙත් මේ කොල්ලෝ ටිකමයි.

සොසයිටියේ අවුල්, යුනිවසිටියේ කැම්පස් බෝඩිම්වල මඟුල්, ඉන්දියාවේ දේශපාලකයෝ කෙළින පිස්සු, ලව්, සෙක්ස්, රිලේෂන්ශිප්… මේවා තමයි උන්ගේ ලෝ-බජට් videosවල ටොපික්. එතකොට කොළොංබියා? එතන කතා කරන්නෙත් මේවම නෙමෙයිද?

මන් දන්නෑ කොළොංබියා ටීම් එකත් එහෙම රිජෙක්ට් වුණාද? නැත්නම් ආසාවටම විකල්පයක් තෝරාගත්තද? කියලා! හැබැයි පුතේ අද මිලියන් ගාණක ඕඩියන්ස් එකක් ඉන්න Karikkuලගෙයි, ලංකාව ඇතුළේ craze වුණ kolonbiyaගෙයි දෙගොල්ලොගෙම එකයි. ඒක හින්දමයි මන් කොළොංබියා සීරීස් එකට මෙච්චරටම ලව්!!

පටන් ගැන්ම මෙහෙම නම් ළඟදිම දවසක කොළොංබියා කියන්නෙත් මාස් මීඩියා පරද්දන ලංකාවේ youtube trick එක වෙන්න පුලුවන්.අද Prime Video කම්පැනියෙන් ඇග්‍රිමන්ට් ගහලා එදා සිනමාවෙදි රිජෙක්ට් වුණු TVFලට (The Viral Fever) කියලා content හදෝගන්නවා. අද Netlfix රිලීස් කරන anticipatedම south indian moviesවල ප්‍රමෝෂන් කැම්පේන් කරන්න Karikku ටීම් එකගෙන් අයිඩියා මිලට ගන්නවා.එදා screen testවලින් කපපු Naveen Pollishetty, Jeetu, Shivankit Singh වගේ නලුවෝ අද මේන් ස්ට්‍රීම් හින්දි සිනමාවේ මිලියන් ගණන්වලට තමන්ගේ රංගන වටිනාකම අලෙවි කරනවා.

උන්ට එහෙම කරන්න පුලුවන් වුණා නම් අපිට බැයිද? ඇයි අපි හාවොද? අඩෝ මරු ඕයි! සිරාවටම මරු. එහෙම දවසක් එනකන් බලන් ඉන්නවා. ඉතින් තවත් කතන්දර ඕනෙ නැහැ. මේ හෑල්ල මෙතනින් ඇති. අර චැනල් කීපයේ ලින්ක් ටිකත් කමෙන්ට්වලට එකතු කරන්නම්.ඊළඟ episode එකත් ඉක්මනටම දාන්න.

මාස් මීඩියාවලින් පස්සෙන් ඇවිත් කොන්ටෙන්ට් ඉල්ලන

අඩුවක් නැතුව ස්පොන්ස’ශිප් රික්වෙස්ට් ගලන

තව තවත් ක්‍රියේටිව් අයිඩියා පහළ වෙන

ආතල් පූදින, පූදින ආතල් බරවෙන

සුබම සුබම කොළොංබියානු නිදහස් දිනයක් ඉක්මනටම උදා වේවා!!

ආදරෙයි ❤️– මීට ‘කොළොංබියං’ රසිකයෙක්

Kavinu Weerakkody

Designed and developed by
CYBER OCTANE